මඩකලපුව බැංකුවක් තුළදී පුද්ගලයෙකුගේ මුදල් පසුම්බියක් සොරකම් කරන ලද කන්කසන්තුරේ සේවස්ථ පුහුණු ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කන්දයියා ජීවන් කුමාර ඊයේ( 02දා) අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලීසිය පවසයි.
අම්පාර එරගම ප්‍රදේශයේ පදිංචි තාජුදීන් රපයිදීන් නමැති අය මඩකලපුව පෞද්ගලික බැංකුවේදී තමන්ගේ මුදල් පසුම්බිය නැතිවූ බවට පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා නියමයෙන් මඩකලපුව පොලීසිය විසින් කරන ලද විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබීය.