පසුගිය වසරේදී විශ්වවිද්‍යාලවලට බඳවාගත්, මහපොළ ශිෂ්‍යාධාර සඳහා සුදුසුකම් ලැබූ කිසිදු ශිෂ්‍ය ශිෂ්‍යාවකට මෙතෙක් මහපොළ ශිෂ්‍යධාර ලබාදීමට කටයුතු කර නොමැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.
පසුගිය වසරේදී විශ්වවිද්‍යාලවලට 23,000කට අධික පිරිසක් බඳවාගත් බවත්, එම පිරිසෙන් විශාල පිරිසක් මහපොළ ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලැබූවන් බවත් සංජීව බණ්ඩාර මහතා සඳහන් කළේය. මාසික වශයෙන් ලබාදිය යුතු මෙම මුදල මෙතෙක් ලබානොදීම නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙන බවත්, මේ නිසා බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම අධ්‍යාපනය ඉදිරියට ගෙනයාම සඳහා විවිධ රැකියාවල නිරත වන බවත් හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව ශිෂ්‍ය ශිෂ්‍යාවන් සුළු පිරිසක්, පවතින ආර්ථික අමාරුකම් මධ්‍යයේ අධ්‍යාපනය හැදෑරීමට නොහැකිව විශ්වවිද්‍යාල හැරගොස් තිබෙන බවද කැඳවුම්කරු සඳහන් කළේය. මේ නිසා නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභයක් ලෙස ලැබෙන මහපොළ ශිෂ්‍යාධාර මුදල වහාම ලබාදීමට කටයුතු කරන ලෙසද එම සංගමය ඉල්ලා සිටියි.