පසුගිය රජයේ මූල්‍ය වංචා 12ක් ගැන සොයයි
පසුගිය ආණ්ඩුවේ සිදුවූ බව කියන මූල්‍ය වංචා 12ක් පිළිබඳව, මහා පරිමාණ මුල්‍ය වංචා අපරාධ විමර්ශණ කොට්ඨාසයට ලැබි ඇති පැමිණිලි අනුව විමර්ශණ කටයුතු ආරම්භ කළ බව පොලීසියි කියයි.
හෙජින් තෙල් ගිවිසුම මගින් රජයට ඩොලර් මිලියන 200 ක පාඩුවක් සිදු වි ඇති බවට ලද පැමිණිල්ල අනුව තෙල් සංස්ථාවේ හිටපු සභාපති අසන්ත ද මෙල් මහතාගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදිකිරිමට අදාලව ඩොලර් මිලියන 332 ක් වැයකර ඇති බවත් විමර්ශණවලට අනුව ලංකා විදුලිබල මණ්ඩලය මගින් මෙය ඩොලර් මිලියන 200කින් ඉදිකිරිමට හැකියාව ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව ඩොලර් මිලියන 122 ක මූල්‍ය අක්‍රමිකතාවයක් සිදු වි ඇති බැවින් ඊට අදාළ පාර්ශ්වයන් කවුරුන්ද යන්න පිළිබදව සෙයාගැනීමට විමර්ශණ සිදු කිරිමට නියමිතය.
ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යංශය යටතේ පැවැති දිවි නැගුම ව්‍යාපෘතියට අදාලව 2014 වර්ෂයේ නොවැම්බර් 21 වන දින පවත්වන ලද ජාතික මහා සම්මේලනය සදහා රුපියල් මිලියන 63 ක් වැයකර ඇති අතර ඒ පිළිබදව එම ව්‍යාපෘතියෙහි හිටපු අධ්යක්ෂ ජෙනරාාල් ආර්. කේ. රණවක නැමැති අයගෙන් මේ පිළිබදව ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.
2006 වර්ෂයේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා 04 ක් යුක්ක්රේනයෙන මිළදි ගැනීමට අදාළව ඩොලර් ලක්ෂ 145 කට අධික මුල්‍ය අක්‍රමිකතාවක් සිදු වි ඇති බවට ලැබී ඇති පැමිණිල්ල අනුව පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

