පොලිස් වෙඩි පහරින් පස්යාලේදී තරුණයෙක් මියයාමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කරන ලද පොලිස් කොස්තාපල්වරයා රුපියල් 5000 ක මුදල් ඇපයක් හා රුපියල් 100,000 ක ශරීර ඇපයක් මත මුදාහළ බව පොලිස් මූලස්ථානය පවසයි.
සිද්ධියට අදාළ සාක්ෂි මෙහෙයවීම අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණයේදී අද (17දා) සිදුකෙරිණි.
නඩුවට අදාළ උද්ධෘත ගොනු නීතිපතිවරයා වෙත යොමුකිරීමටද අධිකරණය කටයුතු කර තිබේ.