පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව වෙනුවෙන් රන්බිම ඉඩම් හිමිකම්පත් 4000 ක් ප්රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර, ඌරුබොක්ක නගරයේ පැවතිනි.
පස්ගොඩ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීමද අද (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු විය. මෙහිදී පස්ගොඩ වෘත්තීය පුහුණ මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා එහි පාඨමාලා හදාරන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබදව ද සොයා බැලීය. මෙම අවස්ථාවට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුථ පිරිසක් එක්ව සිටියහ.