ඉදිරි වසර 05ක් සඳහා ජාතික පෝෂණ වැඩසටහන වෙනුවෙන් විශාල මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, එම මුදල රුපියල් බිලියන 28.2ක් පමණ වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
‘Health Sector Cost of National Nutrition Programme of Sri Lanka’ යන වාර්තාව එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
එහිදී වැඩිදුරටත්අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“සෞඛ්‍ය සහ පෝෂණය වෙනුවෙන් රජය විශාල මුදලක් වෙන්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට 2016 අයවැය මගින් වෙන් කළ මුදලින් රුපියල් මිලියන 100ක් පමණ සෞඛ්‍ය සහ පෝෂණය ප්‍රවර්ධනය වෙනුවෙන් වෙන් කර තිබෙනවා.
එමෙන්ම යුනිසෙෆ් සහ තවත් රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රී ලාංකික ජනතාවගේ පෝෂණීය තත්ත්වය නංවාලීම උදෙසා විශාල මුදලක් වෙන්කර තිබෙනවා. අයහපත් සෞඛ්‍ය පුරුදු ඉවත් කිරීම උදෙසාද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා.
දුම්පානය අවම කිරීම සඳහාද ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන අතර, පැණිබීම සඳහා වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වාදීමද වැදගත් වෙනවා.” යනුවෙන් සඳහන් කර සිටියේය.