පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා 3 ක් වාර්තාවන බව කැෆේ සංවිධානය පවසයි.
එම සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ, කඩවත පහළ බියංවල පුෂ්පාරාමයේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයට ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණි පුද්ගලයෙකුට නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක් පහර දී තිබුණු බවයි.
මෙම පහර දීම වන අවස්ථාවේ බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල මහතාද සිටි බවත්, පහර කෑ පුද්ගලයා තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර තිබෙන බවත්, තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
එසේම කුරුණෑගල බිංගිරිය වැලරාව පාසල අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාගේ වාහනයට ඊයේ (08දා) සවස පහර දී තිබුණු බව ඒ මහතාපවසා සිටියේය.
පුත්තලම මදුරන්කුලිය කිවුල කනිෂ්ඨ විද්‍යාලයේ සිටි එක්සත් ජාතික පක්ෂ ඡන්ද පොළ නියෝජිතයාට ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජානක සම්පත් මහතා ඇතුළු පිරිසක් යතුරු පැදිවලින් පැමිණ පහර දී තිබෙන බවට තම සංවිධානයට වාර්තා වන බව කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.