සමස්ත හෙද කාර්ය මණ්ඩලයට සූත්‍රිකා පුහුණුව ලබාදීමට එරෙහිව විරෝධය පළ කරමින් පොළොන්නරුවේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් අද (03දා) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාල භූමිය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත විය.
මෙම සත්‍යග්‍රහය පෙ.ව.9.00 ට ආරම්භ වූ අතර, පෙ.ව 11.00 දක්වා පැවැත්විණි. මෙයට රාජ්‍ය පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ නිලධාරීනියන් 100 දෙනෙකු පමණ එක්ව සිටියහ.
පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්