එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ යෝජනාව ප්‍රකාරව ශ්‍රී ලංකාවේ සිදුවූවායැයි පැවැසෙන මානව හිමිකම් කඩවීම් සඳහා පැවත්වීමට නියමිත ජාත්‍යන්තර පරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ සහාය හිමිවනු ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් මහතා පවසයි.
එසේම ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග මෙන්ම අනෙකුත්ජාත්යන්තර හවුල්කරුවන් සමග එක්ව කටයුතු කරන බවත් හේන් මහතා සඳහන් කරයි.
“අපි විශ්වාස කරනවා මේ අවස්ථාව ශ්‍රී ලංකාව භාරගනියි කියල. එසේම මේ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට සහය දක්වා එහි ප්‍රතිඵල ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙසට අපි ශ්‍රී ලංකා රජයට පවසා සිටිනවා” යැයි හෙතෙම තවදුරටත් කරයි.