පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් වූ ආයතන සඳහා විශේෂ වරප්‍රසාද ලබා දිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, පරිසර ආරක්ෂණය සම්බන්ධයෙන් පොදු ජනතාව වෙත උපදෙස් ලබා දීමේදී එහි වැදගත්කම් සරලව පැහැදිලි කර දිය යුතු බවයි.
27 වන ආසියා ශාන්තිකර වනාන්තර සමුළුව කොළඹ, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (24දා) උදෑසන ආරම්භ වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊට එක් වෙමින් සිරිසේන මහතා මේ බව පැවසීය.