රුපියල් ලක්ෂ 18කට අධික වටිනාකමකින් යුත් පරිභෝජනයට නුසුදුසු අයිස්ක්‍රීම් ලීටර් 15,000 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිවේරිය ප්‍රදේශයේ නිෂ්පාදනාගාරයක් තුළ කල් ඉකුත් වූ වර්ණකාරක රසකාරක හා සීනි යොදාගනිමින් මෙම අයිස්ක්‍රීම් නිෂ්පාදනය කර ඇත.
පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, අදාළ ව්‍යාපාරිකයා නීතිය හමුවට ඉදිරිපත් කර ඇත.