ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව වර්ෂ 2015 වනවිට 27.1% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව විසින් දියත් කරනු ලැබූ පරිගණක සාක්ෂරතාවපිළිබඳ නවතම සමීක්ෂණ වාර්තාවට අනුව වර්ෂ 2006/2007 දී 16.1% ක්වූ ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව, මෙසේ 2015 වසරේදී 27.1% දක්වා ඉහළ ගොස් ඇත.
නාගරික ග්‍රාමීය හා වතු අංශ අතරින් ඉහළම පරිගණක සාක්ෂරතා අනුපාතය (39.2 %) නාගරික අංශයෙන් වාර්තා වන අතර ග්‍රාමීය හා වතු අංශ වල එය පිළිවෙලින් 25.5% හා 9 .0% ලෙස වාර්තා වන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.