පරික්ෂණ කඩිනම් කරන්න - ඇමතිගෙන් උපදෙස්
ලංවිම සේවක අරමුදලේ රුපියල් කෝටි 300 ක මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය තුළින් අතුරුදහන් වීම සම්බන්ධව පවත්වන පරික්ෂණ වහාම කඩිනම් කරන ලෙස අදාළ බලධාරින්ට දැනුම් දුන් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසිය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
මේ වන විට අදාළ ගනුදෙනුවට සම්බන්ධ සමහර ලිපි අතුරුදහන් වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් තම වෙනමම අභ්‍යන්තර පරික්ෂණයක් පැවැත්වීම නියෝග කර තිබෙන බවත් එසේම මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ FCID වෙනනම පරික්ෂණයක් පවත්වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙයට සම්බන්ධ වූවන් ළඟදීම හෙලි කිරීමට හැකි වනු ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා එය අයට තරාතිරම නොබලා නිතිමය කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා වැඩිදුරත් ප්‍රකාශ කළේ ඉදිරියේ දි ලංවිම සේවක අර්ථසාධක අරමුදල සඳහා වෙනමම භාරකාර මණ්ඩලයක් ස්ථාපිත කිරිමටත් කටයුතු කරන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

