පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන් නැවතත් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කළ හේතුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැහැදිළි කරනු ලැබීය. 'රාවය' පුවත්පතට වසර 30ක් සපිරීම හේතුවෙන් පැවැති උත්සවයක් අමතමින් ජනපතිවරයා මේ බව පැහැදිලි කළේය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
“මේ රටේ ජනපතිධුරයට පත්වෙන්න කලින් මේ රටේ 30ක කැබිනට් මණ්ඩලයක් ගැන මම හිතපු කෙනෙක්. 30 කැබිනට් එක හදලා ආණ්ඩුව කරන්න පුළුවන් කම තියෙනවා නම් හෙට මම ඒක කරනවා. ඒ දෙකම කරන්න පුළුවන් වුණ දවසට සියලු දෙනාටම වඩා සතුටු වෙන්නේ මමයි.
ජාතික ලැයිස්තුවට මම පත්කරපු අය ගැන බරපතළ විවේචන තිබෙනවා. මට මොන විවේචන, චෝදනා, දෝශාරෝපණ ආවත් ජාතික ලැයිස්තුවට මම පත්කළේ, අගෝස්තු 17ට කලින් ගෙනිච්ච ආණ්ඩුව, එදා අපි හදාගත්ත තාවකාලික ආණ්ඩුව ගෙනියන්න මට ශක්තිය දුන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෝදර ඇමතිවරු ගණනාවක් පාර්ලිමේන්තු මැතිවරණයේදී සංවිධානාත්මකව.
ජනතාව නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් විසින් පරාජය කළා. මහින්ද රාජපක්ෂ විසින් පරාජය කළා, උඹලා මෛත්‍රීපාලත් එක්ක ගියානම් උඹලා පාර්ලිමේන්තු යවන්නේ නෑ. ඒ අයට විතරක් වෙනම ප්‍රකාශන ගහලා පොටෝ දාලා නම් දාලා ආසන වල බෙදලා ඡනදය දෙන්න ඕන මේ අයටයි. මේ අයට දෙන්න එපා. මේ මිනිස්සු මෛත්රීපාලගේ මිනිස්සු කියලා.
අගෝස්තු මාසයේ ප්‍රතිඵලයත් එක්ක මම ආණ්ඩුවක් හදන්න ඕන. 106න් ආණ්ඩුවක් හදන්න ඕන. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්න 3න් දෙකක් ගන්න ඕන. එතනදී මට විශ්වාස මිනිස්සු ටිකක් ඉන්න ඕන.” යනුවෙන් පැවසීය.