මෙවර ජනාධිපති මැතිවරණයෙන් තමා පරාජය වුවහොත් ඡන්ද ප්‍රතිඵල පිළිගැනීමට සුදානම් නොමැති බව රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේය.
ට්‍රම්ප් මෙසේ පවසා සිටියේ මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර පවතින අවසන් විවාදයට එක්වෙමිනි.
මෙම විවාදයට ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරමින් හිලරි ක්ලින්ටන් සහභාගී වූ අතර, මේ වනවිටත් ජනාධිපතිවරණ ක්‍රියාදාමය වංචාසහගත ලෙස තමාට එරෙහිව ක්‍රියාත්මක වන බවට ඔහු යළි යළිත් චෝදනා කළේය.
එමෙන්ම, තමාගේ ජනාධිපතිවරණ රැළි පැවැත්වූ ස්ථානවල කලහකාරී සිදුවීම් ඇති කිරීමට ක්‍රියා කළ බවටද ට්‍රම්ප් හිලරිට චෝදනා කළ අතර, මේ තත්ත්වය තුළ අවසානයේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව තමා බලා සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.
මේ අතර, ට්‍රම්ප්ට එරෙහිව රුසියාව හා රුසියානු මාධ්‍ය උලුප්පා දක්වමින් අදහස් ප්‍රකාශ කළ හිලරි කියා සිටියේ ට්‍රම්ප් පූටීන්ගේ රූකඩයක් බවය.
විනාඩි 90ක කාලයක් පැවති විවාදය අතිශය තියුණු වාග් ප්‍රහාරයක් දක්වා වර්ධනය වී තිබූ අතර, ඔවුන් එකිනෙකාගේ පෞද්ගලික කාරණා මත පදනම්ව චෝදනා නගාගෙන තිබුණි.