පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ මසුන් හදිස්සියෙන්ම මිය යෑමට පටන් ගෙන ඇතයි වාර්තාවේ. දැනට දින තුනකට පෙර සිට මිය ගිය මත්සයින් ජලයේ පාවෙමින් පවතී. ලොකු කුඩා මසුන් විශාල ප්‍රමාණයක් පොලොන්නරුව දීප උයන වැවු ඉවුර ආසන්නයේ දැක ගත හැකිය.
මසුන් මියා යාම සම්බන්ධයෙන් පොළොන්නරුවේ බලධාරීන් කිසිවෙකු දැනුවත් වී නොමැති බවත් මිය යෑමට හේතුවද එම කවුරුත් නොදන්නා බව පරාක්‍රම සමුද්‍රය ආසන්නව ජීවත් වන ප්‍රදේශ වාසීන් කියයි.
කෙසේ නමුත් ධිවරයින් සුපුරුදු ලෙස ධිවර කර්මාන්තයේ නියැලී සිටින අයුරුද දැකගත හැකිවිය.