ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට යටත් රජයේ සුරැකුම්පත් වෙළෙඳ පොළේ ප්‍රාථමික වෙළෙඳ ආයතනයක් වශයෙන් කටයුතු කරනු ලබන පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් හි පරීක්ෂණ වාර්තාව මහජනතාව වෙත නිකුත් කර ඇත්තේ නිසි අවසරයකින් තොරව බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් හි පරීක්ෂණ වාර්තාව සඳහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් එම වාර්තාව සම්බන්ධයෙන් වන අභ්‍යන්තර ක්‍රියාවලිය සම්පූර්ණ කර එහි අවසන් වාර්තාව මුදල් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැති බව පෙන්වාදෙන ශ්‍රී ලංකා මහ බැංකුව, මෙම අනවසර හෙළිදරව් කිරීම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව තම අභ්‍යන්තර පාලන ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කර ඇති අතර, මෙම වාර්තාව අනවසර ලෙස නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ නීති බලගැන්වීමේ අධිකාරීන්වලට දැනටමත් පැමිණිලි කොට ඇති බවද පවසා සිටියි.