පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ලබාගත් හා එම සමාගමට ලැබුණු දුරකථන ඇමතුම් පටිගත වූ පරිගණකය බැඳුම්කර කොමිසමේ කටයුතු විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන්ගේ බාරයට ගෙන ඇතැයි අද (29දා)කොමිසම හමුවේ අනාවරණය විය.
කොමිසමේ නියෝග මත අදාළ පරිගණක පද්ධතියේ තොරතුරු සොයා බැලීමේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ලබාගත් හා එම සමාගමට ලැබුණු දුරකථන ඇමතුම් පටිගත වීම සඳහා තිබූ ක්‍රමවේදයට අදාළ පරිගණකය මේ වනවිට ගලවා දමා ඇති හෙයින් එහි දෘඩ තැටියෙහි ඇති ඇතැම් පිටපත්වල අවශ්‍ය දත්තවල අමතර පිටපත් තිබිය හැකි බව අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසමට දැනුම් දුන්නේය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ලබාගත් හා එම සමාගමට ලැබුණු දුරකථන ඇමතුම් පටිගත වීම සඳහා මුලින් තිබූ ක්‍රමවේදය ශ්‍රී ලංකා මහ බැංකුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බලපත්‍රය තහනම් කළ පසුගිය ජූලි 06 වැනිදා දක්වා ඉවත් කර එදින සිට නව පද්ධතියක් ස්ථාපනය කොට ඇති බවද අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසමට දැනුම් දුන්නේය.