කිලිනොච්චි, පරන්තන් කැලෑවක තිබී නරක්වූ මළ සිරුරක් ඊයේ (13දා) සොයාගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි.අවුරුදු 50 ත් 60 ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙසේ සොයාගත් බවයි කිලිනොච්චි පොලීසිය පැවැසුවේ.
පරන්තන් ප්රදේශයේ කැලෑවක ඇවිදීමට ගිය ප්රදේශවාසියෙකු මළ සිරුර දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී ඇත. පුද්ගලයා මිය යාමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති අතර ප්රදේශයේ පුද්ගලයෙකු අතුරුදන් බවට මෙතෙක් පැමිණිල්ලක් නැති බවද පොලීසිය පවසයි.