ධාවනයට නුසුදුසු තත්වයේ පවතින බස් රථ දහසක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇති අතර මේ සඳහා රුපියල් මිලියන 3000ක මුදලක් වැයකිරීමට වන බවට තක්සේරු කර ඇත.
වසර 15ට වඩා පැරණි බස් රථ දහසක් මෙලෙස අලුත්වැඩියා කිරීමට නියමිත බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්මික බී.කේ ආරියරත්න මහතා සඳහන් කළේය.