පෝයට නිවාඩු දී තිබෙන්නේ පන්සල් යාමට බවත්, පන්සල් නොයා ඇතැම් පිරිස් එදිනටත් සාද දමන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
තිස්සමහාරාම රජමහා විහාරයේ වාර්ෂික පොසොන් පුණ්‍යෝත්සවයේ පෙරහැර මංගල්‍යට සමගාමීව පැවැත්වෙන ධර්මදේශනා මාලාව අවසානයේදී ඔහු මේ බව ඊයේ (23දා) පැවැසීය.
"අද මට මිනිස්සු චෝදනාකරනවා හම්බන්තොටට, රුහුණට, දකුණට සැලකුවා කියලා. නමුත් මම කරල තියෙන වැඩ ප්‍රමාණය දිහා බැලුවම මුළු රටටම මගේ නෑදෑයන් වශයෙන් සලකල තමයි කටයුතු කරලා තියෙන්නේ.
මේ ඇවිල්ලා තියෙන දස දහස් ගණනක පිරිස පිළිබඳව සතුටුවෙන්න ඕනා. මොකද පෝය දවසටවත් පන්සල් යන්නේ නැති පිරිසත් ඉන්නවා. පෝයට නිවාඩු දීලා තියෙන්නේ පන්සල් යන්න. එදාටවත් පන්සල් යන්නේ නැතිව ගෙදර පාටි දානවා. සමාජය තුළ මේ තත්ත්වයේ වෙනසක් ඇතිවිය යුතුයි.
අන්‍යාගමිකයන් ඉරිදාට සිකුරාදාට පල්ලි යනවා. නමුත් බෞද්ධයන් වන අපි එය පිළිපදිනවා අඩුයි. අපි අපේ දරුවන්නට එය පුරුදු කරනවා අඩුයි. මේක පිළිබඳව අපි අපේ හදවත්වලින් අහන්න ඕනා. එනිසා පන්සලට ඇවිල්ලා හැමෝම යහමගට යන්න කටයුතු කළ යුතුයි”
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි, නුවන් ජයසේකර