පාර්ලිමේන්තුවේ සම්මත වූ පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රාදේශීය සභා සංශෝධන, නගර සභා සංශෝධන, මහ නගර සභා සංශෝධන යන පනත් ත්‍රිත්වයට කථානායක කරු ජයසූරිය මහතා අත්සන් තබා ඇත.
අද (12දා) මෙම අත්සන් තැබීම සිදුකර තිබේ. එම අවස්ථාවට පළාත් පාලන විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරු ද එක්ව තිබේ.