පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ගැටලුවට හෙට (09දා) දිනය විසඳුම් ලබාදීමට කටයුතු නොකළහොත් ආණ්ඩුවට දැනෙන වෘත්තීය ක්‍රියාමාර්ගවලින් මේ සතියේ සිට ප්‍රතිචාර දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
පර්යන්ත හා ග්‍රාමීය රෝහල් ඇතුළු වෛද්‍ය නිලධාරීන් පුරප්පාඩු තිබෙන ස්ථානවලට වෛද්‍යවරුන් අනුයුක්ත වන ආකාරයට පත්වීම් ලේඛනය සකස් විය යුතු බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
එහෙත් සෞඛ්‍ය අමාත්‍යවරයාට හිතවත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයෙකු විසින් ඔහුගේ පෞද්ගලික මතයට අනුව අදාළ පත්වීම් ලේඛන සකස් කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මේ පිළිබඳව හෙට (09දා) රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග තීරණාත්මක සාකච්ඡාවක් පවත්වන බවත්, එහිදී ගැටලුවට විසඳුම් නොලැබුණහොත් ආණ්ඩුවට දැනෙන වෘත්තීය ක්‍රියාමාර්ගවලින් පිළිතුරු ලබාදෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.