පච්චා නිසා පිටුවහල් කළ බ්‍රිතාන්‍ය කතගේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට
බුදුරුව දකුණු අතේ උඩ බාහුවේ පච්ච කොටාගෙන පැමිණි බව කියමින් ලංකාවෙන් පිටුවහල් කළ බ්‍රිතාන්‍ය ජාතික නයෝමි මිෂෙල් මහත්මිය විසින් කටුනායක පොලීසියේ නිලධාරීන් ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව ලබන දෙසැම්බර් 15 වැනිදා සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03දා) තීරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන සලීම් මර්ෂුක්, චන්ද්‍රා ඒකනායක සහ ඊවා වනසුන්දර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් අදාළ පෙත්සම විභාගයට ගැනීමට මෙලෙස තීරණය කළේය.
බෞද්ධාගම කෙරෙහි ඇති භක්තිය නිසා බුදුරුව සිය දකුණු අතේ උඩබාහුවේ පච්ච කොටාගෙන පැමිණි තමා කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි පසු කටුනායක පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පසුව රිමාන්ඩ් භාරයට පත්කොට ඇති බව පෙත්සමේ සඳහන් වේ.
අනතුරුව තමා ලංකාවෙන් පිටුවහල් කළ බවත්, එය සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බවත් සඳහන් කරන පෙත්සම්කාරිය මෙම ක්‍රියාවන් හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවුණු බවට තීරණය කොට තමාට රුපියල් කෝටියක වන්දියක් අය කරදෙන ලෙස ඉල්ලීමක්ද කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

