පක්ෂයක් ලෙස අපේක්ෂ කළ ප්‍රතිඵලයක් ලැබී නොමැති බවත්, එහෙත් පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයට සාපේක්ෂව මන්ත්‍රී ආසන ප්‍රමාණයෙන් ඡන්ද ප්‍රමාණයක් ඉහළ ගොස් තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
2015 සාපේක්ෂව ඡන්ද ප්‍රතිඵලය ඉහළ ගොස් තිබෙන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
මෙම මැතිවරණය තුළින් රනිල් - මෛත්‍රී විරෝධය පෙන්නුම් කර තිබෙන බවද ඔහු කියා සිටියේය.