එළැඹෙන අට වැනිදා රත්නපුරයේදි පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැළිය නව පක්ෂයක් සෑදීම වෙනුවෙන් පවත්වන්නක් නොවන නමුත් ආණ්ඩුව හා ශ්රී ලංකා නිදහස් පක්ෂ නායක්ත්වය දිගින් දිගටම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන්ගෙන් පළිගන්නේ නම් ඉදිරියේදී පක්ෂයක් බිහිවිමට ඉඩ තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු විසින් අද පුවත්පතට ලියන 'කුරහන් සුවඳ' තීරු ලිපියේ මේ බව සඳහන් වෙයි. අද (05දා) 'අද' පුවත්පත මගින් ප්රකාශයට පත්කළ එම ලිපියේ මන්ත්රීවරයා මෙසේද පවසයි.
'අට වැනිදා රත්නපුරයේ පැවැත්වෙන රැලිය අසාධාරණයට ලක්වුණ මන්ත්රීවරුන්ගේ එකතුවීමක් විනා අලුත් පක්ෂයක් හැදීමක් ලෙස මම දකින්නේ නෑ. වැලිගම මහින්ද යාපා මන්ත්රීතුමා රැලි තිබ්බා. ආණමඩුවේ සනත් නිශාන්ත මන්ත්රීතුමා තිබ්බා. ඒ වගේ නව බලවේගයක් ගොඩනැගීමක් තමයි මේ වෙනනේ. මේ බලවේගයට ආණඩුව හා ශ්රී ලංකා නිදහස් පක්ෂ නායකයත්වය දිගින් දිගටම එළව එළවා පහර දුන්නොත් ඒක ආණ්ඩුව පෙරළීමේ නව බලවේගයක් මෙන්ම, රට පාලනය කරන පක්ෂයක් බවට ඉදිරියේදී පත්වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ තත්ත්වයට ඒ පිරිස ඇද දමන්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂ වත්මන් නායකත්වය හා යපහාලන ආණ්ඩුවයි.'