“තමුන්නාන්සෙලා ඔක්කොම ඉල්ලලා හිටියේ බදුල්ලෙන් අගමැති කෙනෙක් පත්කරගන්න කියලා. ඒත් තීන්දු තිරණ ගනිද්දි මම හැමදාම පක්ෂයත් එක්ක හිටියා. පක්ෂ නායකත්වය එක්ක හිටියා. පාක්ෂිකයෝ එක්ක හිටියා. මම කවදාවත් තනතුරු පස්සෙ ගිය කෙනෙක් නෙවෙයි. නමුත් මට තනතුරු ලැබුණා. මට අවශ්‍යතාව තිබුණේ පක්ෂයත්, පාක්ෂිකයාත් ආරක්ෂා කරගෙන් ඉදිරියට යන්න. දේශපාලන ක්ෂේත්රයේ විශාලතම පරිත්‍යාගයක් පක්ෂය හා පාක්ෂිකයා වෙනුවෙන් කරන්නට මේ අවස්ථාවේදි මට ඉඩ ලැබුණා. ඒක ගැන මම කනගාටුවෙන්නේ නැහැ ඒක ගැන මම සතුටුවෙනවා” යැයි විපක්ෂනායක නිමල් සිරිපාලද සිල්වා මහතාඊයේ (05දා) පැවසීය.
ඒ බදුල්ල ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බදුල්ල ආසන බල මණ්ඩලය අමතමිනි.
“බයවෙන්න දෙයක් නැහැ අපි අනිවාර්යයෙන්ම මේ මැතිවරණය ජයග්‍රහණය කරනවා. හුඟක් අය කිව්වෙ මහින්ද රාජපක්ෂ මැතිතුමා නැතිව දිනන්න බැහැ කියලා. ඔන්න දැන් එතුමත් ආවා. ඉතිං දැන් මොකක්ද තියෙන ප්‍රශ්නේ. දැන් ඉතින් තමුන්නාන්සේලා මේ ජයග්‍රහණය සඳහා දායක වෙන්න ඔනි.
පහුගිය කාලෙ අපේ පක්ෂයේ අපි කවුරුත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට ඡන්දෙ දීපු අය හෝ වැඩකරපු අය නෙවෙයි. නමුත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඉතාම අසීරු තීරණයක් ගත්තා, තමන්ගේ ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න අවසර දෙන්න. ඒ තීරණය අපි අගය කරන්න ඕනි. මේ ගත්ත තීරණය නිසා අද එතුමා බැනුම් අහනවා. එතුමාට අධාර දුන් අයගෙනුත් එක්සත් ජාතික පක්ෂයේ අයගෙනුත් වැඩියෙන්යම බැනුම් අහන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. අපි එතුමාව තනිකරන්න බැහැ. එතුමා ඒ ගත්ත විශිෂ්ට තිරණය නිසා තමයි අද පක්ෂය සමගි වුණේ* යැයිද ඒ මහතා කීය.