පක්ෂය වගකීම දරයි - මහින්ද
ජනපතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ දැන්වීම් සඳහා මුදල් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (23දා) මහාපරිමාන දූෂණ හා වංචා පිළිබඳ ජනපති කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදුන්නේය.
මිරිහානේ පැවතින සිය නිවසේදී හිටපු ජනපතිවරයා ප්‍රකාශ ලබා දුන් අතර පසුව මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ එම මුදල් ගෙවීම තම වගකීම නොවන බවත් එය පක්ෂයේ වගකීම බවත්ය.
තමා පක්ෂයේ අපෙක්ෂකයා මිස ස්වාධීන අපෙක්ෂකයෙක් නොවුණ බවත් ඔහු සඳහන් කළේය.
"පොලිස් නිලධාරීන් හතරදෙනෙක් පැමිණ මගෙන් කටඋත්තරයක් ලබාගත්තා. ප්‍රශ්න කිහිපයක් ඇහුව ඒකට උත්තර දුන්නා. අයි.ටී.එන්. එකේ මගේ දැන්වීම් ප්‍රචාරය කිරීම ගැන තමයි මගෙන් ප්‍රශ්න කළේ. එහි වගකීම සම්පූර්ණයෙන් පක්ෂය දරන්න ඕන. මම පක්ෂයේ අපෙක්ෂකයා මිසක් පුද්ගලික අපෙක්ෂකයා නෙමෙයි. ඒකට පක්ෂය වගකීම දරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

