එක්සත් ජාතික පක්ෂ දිවුලපිටිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කළ රන්ජන් රාමනායක මහතා සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් පවසන්නේ තමන් කිසිම අවස්ථාවක පක්ෂ මාරු නොකරන බවත් අවස්ථාවක් නොමැතිවුහොත් ගෙදර යන බවත්ය. එසේම තමා වෙනත් පක්ෂයකට එක්වීමට යන බවට පැවැසෙන වාර්තා අසත්‍ය බවද ඔහු පවසයි.
"මම ගෙදර යනවා. නමුත් කිසිම අවස්ථාවක පැනීම් දේශපාලනය කරන්නේ නෑ. මා වෙනත් පක්ෂයකට එක්වෙන බවට පැවැසෙන වාර්තා අසත්‍යයි. මම කිසිම අවස්ථාවක ඡන්ද දායකයන් පාවාදෙන්නේ නෑ. අපි පොරොන්දු වූ දේ ලබාදෙන්න සටන් කරනවා" යැයි ඔහුගේ ට්විටර් පණිවිඩයේ දැක්වෙයි.