IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් බාරයේ සිටි නෝර්වේ සහ චීන ජාතික ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු ඝාතනය කළ බව එම ත්‍රස්ත සංවිධානය නිවේදනය කර තිබේ.
කෙසේ වෙතත්, නෝර්වේ ජාතික 48 හැවිරිදි ඕලෙ-ජොහැන් ග්රිම්ස්ගාඩ්-ඔෆ්ස්ටැඩ් සහ චීන ජාතික 50 හැවිරිදි ෆැන් ජින්ග්හුයි යන මෙම ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා කවදා, කොතැනකදී ඝාතනය කළේද යන්න ඔවුන් සඳහන් කර නැත.
මෙම ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා වෙනුවෙන් කප්පම් මුදල් ලබාදෙන ලෙස මුලදී අදාළ රටවල්වලින් ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් ඉල්ලා සිටියේය.
මේ ඝාතනය ම්ලේච්ඡ ක්‍රියාවක් හැර එය හැඳින්වීමට වචන නොමැති බව නෝර්වේ අගමැති එර්නා සොල්බර්ග් පවසයි.
චීන ජනපති ෂි ජින්පින් ද මෙම ම්ලේච්ඡ ඝාතනය හෙළා දැක තිබේ.
ත්රස්තවාදීන් යනු මනුෂ්‍ය සංහතියේ පොදු සතුරා යැයිද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.