2014 නොවැම්බර් මාසයේ උද්ධමනය 1.5% ක් ලෙස මීට පෙර මාසයේ පැවති 1.6% සිට තවදුරටත් පහළ යෑමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්යමය පදනම මත 2014 ඔක්තෝබර් මාසයේ 1.6% ක් ලෙස පැවති අතර, එය නොවැම්බර් මාසයේදී 1.5% ක් ලෙස මෙසේ පහළ ගොස් ඇත.
මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය ඔක්තෝබර් මාසයේ වාර්තා කළ 3.8% සිට නොවැම්බර් මාසයේදී 3.5% දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.