නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සියලු ජනන යන්ත්‍රවල විදුලි උත්පාදන කටයුතු නොවැම්බර් මස පළමු වන දින සිට සිදුකරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මේ වන විට එහි ජනන යන්ත්‍ර දෙකක විදුලි උත්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර අනෙක් ජනන යන්ත්‍රයේ විදුලි උත්පාදන කටයුතු ලබන මස පළමු වන දින සිට ආරම්භ කිරීමට නියමිතය.
බිඳවැටීමක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු තාවකාලිකව නතර කිරීමට පසුගියදා සිදුවුණි.