ලක්විජය බලාගාරයේ සිට අධිබලැති විදුලි සම්ප්‍රේෂණ පද්ධතියක් අනුරාධපුරය දක්වා ගෙනයෑමට විරෝධය දක්වමින් නොරච්චෝල සහ අවට ධීවර ගම්මානවල ජනතාව අද (13) නොරොච්චෝල කලපුව අසලදී විරෝධතාවක නිරත වුහ.
එම ධීවරයන් පවසන්නේ මෙමගින් තම ජීවන වෘත්තියේදී බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුවන බවයි.
එබැවින් පුත්තලමේ ධීවරයන්ට ලබාදුන් සහන සේවාවන් තමන්ටද ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
හිරාන් ජයසිංහ - පුත්තලම