නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ අක්‍රීය වූ යන්ත්‍ර 03 න් දෙවැනි යන්ත්‍රය යථා තත්ත්වයට පත්කළ බවත් එහෙයින් විදුලිය කැපීම අද (19දා) සිට අත්හිටුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
එම යන්ත්‍රය හෙට යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකිවේයැයි සිතුවත් එය අද ක්‍රියාත්මක කර ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.