නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ එක් යන්ත්රයක් අද රාත්රී 8.00ට පමණ වනවිට ක්රියාත්මක කරගැනීමට හැකි වන බව විදුලි ඉංජිනේරුවෝ සඳහන් කරති. මෙම යන්ත්රය ක්රියාත්මක කළහොත් ඒ තුළින් මෙගා වොට් 300ක ප්රමාණයක් පද්ධතියට එක්වන බවත්, මේ නිසා දැනට සිදුවන විදුලි කප්පාදුව 60%කට අධික ප්රමාණයකින් අඩුකර ගැනීමට හැකිවන බවද එම පිරිස් පෙන්වා දෙති.