බිඳවැටීමට ලක්වූ නොරෝච්චෝලේ තාප බලාගාරයේ තෙවැනි අදියරේ ටර්බයිනය සක්‍රිය තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව ලැබුණු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
“මේ බිඳවැටීමට ලක්වූ දෙවැනි අදියර පසුගිය අඟහරුවාදා ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ අනුව 300mw ජාතික පද්ධතියට එකතු වුණා. අද තෙවැනි අදියරේත් විදුලි ජනනය ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව මේ වනවිට 600mw ප්‍රමාණයක් ජාතික පද්ධතියට එකතු වෙනවා" යැයි ඔහු පැවසීය.
මේ අනුව කිසිදු කාප්පාදුවකින් තොරව විදුලි පාරිභෝගිකයන්ට විදුලිය ලබාදීමට හැකි බව අමාත්‍යවරයා පවසා සිටියි.