විදුලි ජනනය ඇනහිටි නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ තුන්වැනි යන්ත්‍රයේ කටයුතු හෙට (14දා) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් සුරේන් ආර්. බටගොඩ මහතා පැවසීය.
මෙතෙක් කලක් අක්‍රියව පැවැති එහි අංක දෙක දරන යන්ත්‍රයේ කටයුතු අනිද්දා (15) දිනයේ සහ අංක එක දරන යන්ත්‍රයේ විදුලි ජනන කටයුතු ලබන වසරේ ජනවාරි මුල් සතියේදී ආරම්භ කිරීමට සැලසුම්කර ඇතැයි ලේකම්වරයා සඳහන් කළේය.