නොරොච්චෝලේ ගල්අඟුරු තාප බලාගාරය චීනයට හෝ විදේශයකට විකිණීමට රජයේ කිසිදු අදහසක් නැති බව විදුලිබල හා බලශක්ති ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
එජාප මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අසනලද පැනයකට පිළිතුරු දෙමින් වන්නිආරච්චි මහත්මිය අද (21දා) පාර්ලිමේන්තුවේදී මේ බව පවසා තිබේ.
නොරොච්චෝලේ ගල්අඟුරු තාප බලාගාරය ආරම්භ කළ දින සිට මේ දක්වා 24 වාරයක් අක්‍රීය වූ බවත් එම අවස්ථාවන්හිදී එහි අලුත්වැඩියා කටයුතු සඳහා මිලියන 9.7ක මුදලක් වැය වූ බවත් අමාත්‍යවරිය පවසා ඇත.
එම අක්රීයවීම්වලින් 16 වාරයක් අදාළ උපකරණවල වගකීම් කාලය තුළ සිදු වූ බවත් ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් කිසිදු වැය කිරීමක් සිදු නොකළ බවත් එම අවස්ථාවේදී ඇය වැඩිදුරටත් පවසා තිබේ.
එම තාප විදුලි බලාගාරයේ බිඳ වැටීම් හේතුවෙන් වැය වූ අතිරේක මුදල එකතු කළ විට විදුලි ඒකකයක් නිෂ්පාදනය සඳහා රු.18/- ක් වැය වී ඇති බවත් අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී පවසා ඇත.