නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීම පිළිබඳ සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කමිටුව තීරණය කර තිබේ.
හිටපු නීතිපති මෙන්ම ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස් මහතා මෙම කමිටුවේ සභාපති තනතුරට පත් කොට තිබේ. ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ ආයතනයේ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආර්.අයි. සේනාරත්න, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල පෙරේරා එහි සාමාජිකයෝ වෙති.
බිඳවැටීමට අදාළ දත්ත පිළිබඳ විමර්ශනයක්, බිඳවැටීමට හේතු, ගැටලුව වළක්වාගත හැකිද යන්න පිළිබඳ විශ්ලේෂණයක් හා අනාගතයේදී එවැනි බිඳවැටීම් වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම කමිටුව කටයුතු කළ යුතු වෙයි.