නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය මේ වනවිට 24 වතාවක් කඩාවැටී ඇති බවත්, එම අවස්ථාවල අමතර මාර්ගවලින් විදුලිබල පද්ධතියට විදුලිය ලබාගැනීම සඳහා රු. බිලියන 18 ක් වැය වූ බවත් ඊයේ (21දා) පාර්ලිමේන්තුවේදී හෙළිවිය.
එ.ජා.ප. පා.මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින්
නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස විෂයභාර අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.
එමෙන්ම කඩාවැටුණු අවස්ථාවල අලුත්වැඩියා කටයුතු සඳහා රු. මිලියන 9 ක් වැය වූ බවද අමාත්‍යවරිය පවසා සිටියාය.