නොරොච්චෝලේ ගැන මඋකො පරීක්ෂණයක්
- 18 10 2016
- 15:08
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය අක්‍රිය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම මීට පෙර අවස්ථා තුනකදීම නොරොච්චෝලේ බලාගාරය බිඳවැටුණු විට රටටම විදුලිය විසන්ධි වූබවත්, මේසම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ නිකුත්කළ බවත්ඔහු කීය.
විදුලිබල මණ්ඩලය විසින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම හරහා බලාගාරය අක්‍රිය වුවද රටටම විදුලිය විසන්ධි වීමක් නොවන බවත්, එය පියවරක් ඉදිරියට යාමක් බවත් දමිත කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (18දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේබව පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
