ජනාධිපතිවරණයට අදාළව ඡන්දදායකයන් නොමග යවන ඡන්ද පත්‍රිකා අද දිනය තුළදී ප්‍රදේශ රැසකින් හමුවී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි.
එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා 'අද' ට සඳහන් කළේ ත්‍රිකුණාමලය, රත්නපුර, පුත්තලම, බලංගොඩ යන ප්‍රදේශවලින් හමුවූ මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකාවල ඡන්ද ලකුණු වෙනස් කොට අපේක්ෂකයන්ගේ නම් ඉදිරියේ සඳහන් කර ඇති බවයි.
මීට අමතරව අද දිනයේ නීතිවිරෝධී ප්රචාරක දැන්වීම් ඉවත් කිරීමට මැදිහත් වූ ගම්පහ දිස්ත්‍රික්කයට අනුයුක්ත සහකාර තේරීම්භාර නිලධාරියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තර්ජනය කර ඇතැයි තමන්ට වාර්තාවන බවද ඒ මහතා 'අද' ට පැවසීය.