2016 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීමට කොලොම්බියානු ජනපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස් සමත්ව ඇත.
වසර හතරක දීර්ඝ සාකච්ඡාවකින් පසුව පසුගිය මාසයේදී ෆාක් ගරිල්ලන් සමග සාම ගිවිසුමකට එළැඹීම කොලොම්බියානු ජනාධිපතිවරයා මෙසේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීමට හේතුව බව නොර්වේ නොබෙල් සාම ත්‍යාග කමිටුව පවසයි.
කෙසේ වෙතත් මෙම සාම ගිවිසුමට එළැඹීම, කොලොම්බියානු ජනතාව විසින් පසුගියදා පැවති ජනමත විචාරණයේදී ප්‍රතික්ෂේප කළ අතර, ඉතා සුඵ ඡන්ද සංඛ්‍යාවකින් මෙය පරාජයට පත් වුවත්, සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන බව කොලොම්බියානු ජනාධිපතිවරයා අවධාරණය කළේය. එමෙන්ම මෙම සාම වැඩපිළිවෙළේ මැදිහත්කරු ලෙස කියුබානු නායක රාහුල් කැස්ත්‍රෝ කටයුතු කළේය.
සාම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට පෙර වසර 52ක කාලයක් පුරා කොලොම්බියාවේ පැවති ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 260,000ක් පමණ ජීවිතක්ෂයට පත්වූ අතර, මේ හේතුවෙන් අභ්‍යන්තරව අවතැන් වූ පිරිස මිලියන හයක් බව කියවුණි.