නොබෙල් සාම ත්‍යාගයට අපේක්ෂකයන් 524 ක්
2016 වසර සඳහා වූ නොබෙල් සාම ත්‍යාගය නෙර්වේ හි ඔස්ලෝ නගරයේදී අද (07දා) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.
මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා පුද්ගලයන් 376ක් සංවිධාන 148ක් ලෙස අපේක්ෂකයන් 524 ක් සිටින බව නොබෙල් ත්‍යාග කමිටුව පවසයි.
කෙසේ වෙතත්, මෙම ත්‍යාගය ලබන පුද්ගලයා හෝ සංවිධානය අවසානයේ ප්‍රකාශයට පත්කරන තුරු එය අතිශය රහසිගත ලෙස තබාගැනීමට ඔවුන් කටයුතු කරන බවද කියැවෙයි.
මේ අතර, සිරියානු වයිට් හෙල්මට් නමැති සංවිධානයත්, ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළේ මැදිහත්කරුවන්ද මෙවර නොබෙල් සාම ත්‍යාග අපේක්ෂකයන් අතර ඉදිරියෙන්ම සිටින බවටද කටකතා පවතින්නේ යැයි විදෙස් වාර්තා පවසයි.
පසුගිය වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිකර ගනු ලැබුවේ ටියුනීසියානු ජාතික සංවාද කාර්ටලයයි. ටියුනීසියාව ප්රජාතන්ත්රවාදය කරා ගෙනයෑමට ලබාදුන් දායකත්වය අරඹයා සාම ත්‍යාගය ඔවුන්ට හිමිවූ බව පැවසුණි.
කෙසේ වෙතත්, එම වසරේදී ඇන්ජලීනා ජොලී වෙතද සාම ත්‍යාගය හමුවනු ඇතැයි පැවසුණු කටකතා මෙම තීරණයත් සමග බොරු විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

