ඉංගිරිය නගරයේ සපත්තු වෙළඳ සැළකට කුඩා දැරියකද සමඟින් ඇතුළු වූ කාන්තාවක් දැරිය මෙහෙයවා වෙළඳ සැළේ මුදල් ලාච්චුවෙන් මුදල් සොරාගත් සිද්ධියක් සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.
ඊයේ (20දා) පාරිභෝගිකයින් බහුල අවස්ථාවක මෙම වෙළඳසැළට පිවිසෙන කාන්තාව දැරියට මෙහෙයවා සොරාගෙන ඇති මුදල රුපියල් 55,000ක් බව පොලිසිය පවසන අතර, මෙම සොරකම ඔවුන් විසින් කරන ආකාරය අදාළ වෙළඳසැළේ සී.සී.ටී.වී. කැමරාවේ පැහැදිලිව සටහන්ව තිබේ.
කාන්තාව විසින් දැරියට ලාච්චුව විවර කර දෙන අයුරු දර්ශනවලට සටහන්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය පුළුල් මෙහෙයුමක් දියත්කර ඇත.
ඉංගිරිය - එන්. ප්රියදර්ශනී