නේපාලයේ සිදුවූ භූමිකම්පාවෙන් පසුව ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ රැඳී සිටි ශ්රී ලාංකිකයින් පිරිසක් අද (28දා) පස්වරුවේ දිවයිනට පැමිණියහ. මෙම පිරිසට පුද්ගලයින් 42ක ඇතුළත් බව අග්රාමාත්ය කාර්යාලය අද පෙරවරුවේදී නිවේදනය කළේය. නේපාලයේ තරග සංචාරයක් සඳහා එක්ව සිටි ශ්රී ලංකා බාලිකා පාපන්දු කණ්ඩායමද මෙම පැමිණි පිරිස අතර වෙයි.