නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත්ව ඇති එරට ජනතාව වෙනුවෙන් ශ්රී ලංකා රජය රුපියල් ලක්ෂ 77 (ඇමෙරිකානු ඩොලර් 50,000) මානුෂීය ආධාරයක් පිරිනමා ඇත.
මේ වන විට ක්රියාත්මක මෝසම් වර්ෂාව හේතුවෙන් නේපාලයේ දිස්ත්රික්ක 35කට අයත් මිලියන 1.7ක් පමණ වන පිරිසක් මෙසේ පීඩාවට පත්ව සිටිති. මේ හේතුවෙන් නිවාස 40000ක් පමණ විනාශ වී ඇති අතර එමෙන්ම තවත් නිවාස 190000කට පමණ හානි සිදුව ඇත.