නේපාලයේ භූමිකම්පාවෙන් හානි වූ නිවාස 1000 ක් සඳහා සෙවිලි තහඩු ප්රදානය කිරීමට ආධාර කරන්නැයි ශාන්ති පදනම මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එක් නිවසකට සෙවිලි තහඩු 20 බැගින් ලබාදීමට සැලසුම් කරගෙන ඇති බවත්, මේ සඳහා රුපියල් මිලියන 30 ක් පමණ වැයවන බවට ගණන් බලා ඇති බවත් එම පදනමේ සභාපති පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියෝ පැවසූහ.
ඒ සඳහා ලංකා බැංකුව ටොරින්ටන් ශාඛාවේ 0002322671 ගිණුමට මුදල් ආධාර බැරකර ශාන්ති පදනම, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයට කුවිතාන්සියක් එවන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියහ.
අද (12දා) සිට සති දෙකක කාලයක් ඇතුළත මෙම මුදල් ආධාර ලබාගන්නා බව අමරකිත්ති හිමියෝ පවසා සිටියහ.
ඡායාරූප ඉසුරු පෙරේරා