නේපාල භූ කම්පනයේ මරණ 32 දක්වා ඉහළ ගොස්, තුවාලකරුවන් සංඛ්‍යාව මේ වනවිට 1006ක් වන බව සී.එන්.එන්. පුවත් සේවය පවසයි.
අද (12දා) නේපාලයට බලපෑ රික්ටර් පරිමාණ 7.3ක භූ කම්පනය පසුගිය අප්‍රේල් 25 වැනිදා මිනිස් ජීවිත 8,000ක් අහිමි කරමින් එරටට බලපෑ දරුණු භූ කම්පනයෙන් පසු එරට ජනජීවිතය යළි සසල කළ අවස්ථාවක් බව විදෙස් වාර්තා පවසයි.
මෙම භූ කම්පනය එවරස්ට් කඳුකරය හා නේපාල - චීන දේශසීමා ආසන්නයේ සිදුව ඇති අතර, ඉන් ඇති වූ කම්පන තරංග ඉන්දියාවේ දිල්ලි හා බංග්ලාදේශයේ ඩකා අගනුවර වෙතද දැනී තිබේ.