නේපාලයට බලපෑ ප්රබල භූ කම්පනයෙන් මියගිය පිරිස මේ වනවිට 4,500ට ආසන්න වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය සෙනසුරාදා රික්ටර් පරිමාණ 7.8ක භූ කම්පනයෙන් හා ඉන් පසුව ඇති වූ ප්රබල පසුකම්වනවලින් මේ වනවිට ජීවිතක්ෂයට ඇති පිරිස 4,356ක් බව නේපාල අගමැති සුෂිල් කොයිරාල පවසයි.
එමෙන්ම, අගමැතිවරයා පවසන්නේ භූ කම්පනයෙන් පසුව නේපාලය දරුණු යුද්ධයකට මුහුණ දුන් ස්වරූපයක් ගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, භූ කම්පනයෙන් සිදුවූ විනාශයෙන් රට යළි ගොඩගැනීම සඳහා තම රජය උපරිම කාර්යභාරය ඉටු කරන බවද අගමැතිවරයා අවධාරණය කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර ඇති පරිදි මෙම භූ කම්පනය මිලියන 8ක නේපාල ජනතාවට දැඩිව බලපා ඇති අතර, එය නේපාල ජනගහයෙන් කාලකට වැඩි පිරිසකි.